සයිටම් විරෝධී සටනට : තවත් ජයග‍්‍රහණයක් !

සයිටම් විරෝධී සටනට : තවත් ජයග‍්‍රහණයක් !

සයිටම් ආයතනය උපාධිකඩයක් ලෙස හඳුන්වා අපහාස කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා සයිටම් බලධාරීන් විසින් 2016 වර්ෂයේ දී කොළඹ දිසා අධිකරණයේ දී පවරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලිකාර පාර්ශවය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (09) අංක DMR/938/2015 යටතේ මෙම නඩුව  විභාගයට ගැනීමට සුදානම් වූ අවස්ථාවේ උසාවියේ පෙනී සිටි සයිටම් පාර්ශවයේ නීතිඥවරුන් නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැනුම් දීමත් සමග එම නඩුව අවසන් වූ බවත් එය සයිටම් සටනේ තවත් ජයග්‍රහණයක් බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සයිටම් ආයතනය මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාව රවටමින් ගෙනගියේ උපාධි විකිණීමේ ජාවාරමක් බව පිළිගෙන  පරාජය බාරගෙන තිබීම බවත් 2008 වර්ෂයේ සිට සයිටම් උපාධි ආයතනයට එරෙහිව ගෙන ගිය අරගලයේ සාධාරණත්වය එයින් තහවුරු වෙන බවත් එම සංගමය සඳහන් කර සිටියි.

සයිටම් ගැටලූවට අවසන් විසඳුමක් ලබා නොදී තවදුරටත් ආණ්ඩුව කල්මරමින් සිටීම අප තරයේ හෙලා දකින බවත් ඉදිරියේදීත් තම සංගමය රටේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් දිනාගැනීම වෙනුවෙන් ගෙනයනු ලබන අරගලයේ ඉදිරිපෙළ සටන්කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට සුදානම් බවද ඔවුන් සඳහන් කර සිටියි.

මෙම නඩුවේදී සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල පෙනී සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න