අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට : ධීවරයින් සහ සමෘද්ධි ලාභීන්ට විශේෂ වරප්‍රසාදයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට : ධීවරයින් සහ සමෘද්ධි ලාභීන්ට විශේෂ වරප්‍රසාදයක්

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය

එසේම අද සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාම, මිල සූත්‍රයක් අනුව සිදුකරන ලද්දක් නොවන බවත්  පසුගිය වසර තුන තුළ ඉන්ධන මිල ඉහළ නොදැමීම සහ රජය ලබා ඇති පාඩුව සැළකිල්ලට ගෙන මිල ඉහළ දැමීමේ තීරණය ගැනීමට රජයට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.

තවද  ඉහළ දමා ඇති භූමිතෙල් මිල සමෘද්ධි ලාභීන්ට හා ධීවර ජනතාවට බලනොපාන බවත් ඔවුන් වෙත පමණක් පැරණි මිලට භූමිතෙල් නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව වැඩිවන ඉන්ධන මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00 කින් මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක  නව මිල රුපියල් 137.00 ක් වෙයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00 කින් ඉහළ ගොස් ඇති ඒ අනුව එහි නව මිල   රුපියල් 148.00  ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියක් 14.00 කින් වැඩි කර තිබෙන අතර ඒ අනුව එහි  නව මිල රුපියල් 109.00 කි. එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් වැඩිකර තිබෙන අතර එහි  නව මිල රුපියල් 119.00 වී ඇත.

මේ අතර භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 57.00 කින් ඉහළ දමා ඇති අතර භුමි තෙල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 101.00 වශයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න