අපරාධ නඩු කඩිනමින් විසඳීම අරමුණු කරගත් විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (09) සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මතව ඇත.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ඊට ලැබී ඇත්තේ ඡන්ද 52ක් පමණි.
මෙම පනත අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

