පාර්ලිමේන්තුවට තවත් කෝටි 1904ක පරිපූරක ඇස්තමේන්තුවක්

පාර්ලිමේන්තුවට තවත් කෝටි 1904ක පරිපූරක ඇස්තමේන්තුවක්

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්  රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට 09 වනදා  ඉදිරිපත් කෙරිණි. 

අදාළ  පරිපූරක ඇස්තමේන්තුව මගින් අපේක්ෂිත වන්නේ  විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි අටකට අධික මුදලක් ලබාදීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ විදයම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක මුදලක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් කෝටි 18ක මුදලක් නිකුත් කිරීමය. 

ඊට  අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා විදයදම් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් කෝටි 125ක මුදලක් ද මෙම පරිපූරක ඇස්තමේන්තුව හරහා  වෙන් කර ඇති අතර සමූද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 266 කට වැඩි මුදලක් ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 260ක මුදලක්ද ඒ හරහා වෙන්කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න