2020 ට එක පෙරමුණකින් තරග කරවන්න : රාජිත වැඩ අල්ලයි

2020 ට එක පෙරමුණකින් තරග කරවන්න : රාජිත වැඩ අල්ලයි

2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා එක පෙරමුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග කළ සාකච්ඡාවක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර ඇත.

එක පෙරමුණකින් තරග කිරීමේ අපේක්ෂාව සම්බන්ධව තමන් මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ මූලික සාකච්ඡාවක් සිදුකර ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා එම අදහස පිළිබඳ සාධනීය ස්ථාවරයක සිටි බවද අමාත්‍යවරයා පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජිත සේනාරත්න  අමාත්‍යවරයා, මේ පිළිබදව තවත් සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ද සමගින් හෙට (10) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයා සමග" බවද සඳහන් කර ඇත.

එජාප එකඟතාවෙන් පසුව ශ්‍රීලනිපය සමඟ සාකච්ඡා 

“එක පෙරමුණකින් තරග කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසු වසර 2025 දක්වා වත්මන් යහපාලන රජය කටයුතු කිරීමටයි අපේ සැළසුම වී ඇත්තේ. 

එක දේශපාලන පක්ෂයකට බලයට පැමිණීමට ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව කොතනකවත් අවස්ථාව ලැබී නැහැ. හවුල් ආණ්ඩු බිහිවීම සුළබ දසුනක්. සියලු බලවේග ඒකරාශී කර ගනිමින් පොදු අපේක්ෂකයෙක් මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. රාජපක්ෂ කල්ලියත් එවැනි පොදු බලවේගයක් නිර්මාණය කරනවා. ඊට මුහුණ දීම සදහා අපිත් බොදු බලවේගයක් ස්ථාපිත කළ යුතුයි.”

සම්ප්‍රදායික විදිහට නොසිතා නව දේශපාලන ප්‍රවාහයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න