පොලිස්පතිගේ "ගේම" පිට පොට ගහයි : FCID රවී යළිත් සේවයේ

පොලිස්පතිගේ "ගේම" පිට පොට ගහයි : FCID රවී යළිත් සේවයේ

විමර්ශන දෙකක් ඇති බව දන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති ප්‍රකාරව විශ්‍රාම ගන්වන ලෙස පොලිස්පති පුජිත විජේසුන්දර සිදුකළ නිර්දේශය රජය නොතකා හැර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට වයස අවුරුදු 60 පිරීම හේතුවෙන් එළඹෙන මැයි 14 වැනි දාට විශ්‍රාම යෑමට නියමිත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විශ්‍රාම යැවීම සුදුසු බවත් ඊට පොලිස්පතිවරයා සඳහන් කරන විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති ප්‍රකාරව විශ්‍රාම ගන්වන ලෙස කර ඇති නිර්දේශය පදනම් විරහිත බවත් ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය වී ඇත.

එසේම පසුගියදා පැවති කැබිනට් හමුවේදී තීරණය කර ඇත්තේ මැයි මස විශ්‍රාම යන පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීයා විශේෂ සේවා අවශ්‍යතා පදනමින් නැවත සේවයට ගැනීමටය. 

තවද  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානීයා  සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය පොලිස් කොමිසම විසින් නොසළකා හැර තිබීමත් ඔහුගේ ධූරයේ රාජකාරි කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරි හිඟයත් සැළකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇති අතර ඔහු විසින් සිදුකරමින් පවතින වැදගත් විමර්ශන කිහිපයක් අතරමැද නැවතීමට ඇති අවධානමද එහිදී සැළකිල්ලට ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එමෙන්ම පොලිස්පතිවරයා සිය පෞද්ගලික එදිරිවාදිකම් පිරිමැසීම සහ රාජකාරිය පටලවාගෙන ඇති බවත් එහෙයින් මේ වන විට  ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු  එම තනතුරුවලට පත් නොකිරීම ගැනද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධව ජාතික පොලිස් කොමිසම සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමටද අවධානය යොමුව ඇත.

සබැදි පුවත :-

රවී විශ්‍රාම යවන පොලිස්පතිගේ සීතල ගේම මාට්ටු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න