'දුමින්දට දුන් තීන්දුව නිත්‍යානුකුල නෑ, සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකියි''

'දුමින්දට දුන් තීන්දුව නිත්‍යානුකුල නෑ, සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකියි''
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට එරෙහිව භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගයේදී පැමිණිල්ල දුන් සියලු සාක්ෂි පරස්පරතාවලින් සහ උෟනතාවන්ගෙන් යුත් බව නඩු තීන්දුවේම සඳහන්ව ඇති නිසාත් නඩුවේ ප්‍රබලතම සාක්ෂියද පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ බලපෑම මත සිද්ධියෙන් දින 6කට පසු ගොතන ලද්දක් බවට කරුණු තහවුරු වන නිසාත් එකී නඩු තීන්දුව ඉවත දමා විත්තිකරුවන් නි‍ෙදාස් කොට නිදහස් කළ යුතු බව එකී තීන්දුවට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (10දා) අවධාරණය කර සිටියේය.
 
මේ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදට පත් කිරීම සදහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි, පරස්පර බව හා කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව, නඩු තීන්දුවේම සදහන් බවයි.
 
ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිව්වන දිනටත් මෙම අභියාචනය ඊයේ විභාගයට ගැනින
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් වූ බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ සහ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් එකී විනිශ්චය මණ්ඩලය සමන්විත විය.
 
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදට පත් කිරීම සදහා ගෙතූ, බොරු සාක්ෂිවල ලූහුඩුතා සහ පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබදව හේතු දැක්වීමක්, නඩු තීන්දුවේදී සිදු නොකළ බවයි.
 
ඌණතා හා පරස්පරතා සහිත සාක්ෂි මත පදනම් වී පුද්ගලයෙකු වැරදිකරුවෙකු කිරීමේදී ප්‍රවේශම් සහගත විය යුතු බව, මීට පෙර නඩු තීන්දුවල සදහන් බව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 
අධිකරණ සම්ප්‍රදායේදී පෙර නඩු තීන්දුවල සදහන් කරුණු අනුගමනය කළත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කර ඇත්තේ ඒවා නොසලකා බව ඔහු කියා සිටියේය.
මෙවැනි තත්ත්වයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කිසිදු චෝදනාවකට දඩුවම් දීම නීත්‍යානුකූල නොවන බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේය. 

'දුමින්ද ජනප්‍රිය දේශපාලන චරිතයක් වීම මත පදනම් වෙමින් දුන් නඩු තීන්දුවක්'  
 
2011 ඔක්තෝබර් මස 08 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණ දිනයේ කොළොන්නාව, මුල්ලේරියාව ප්‍රදේශය තුළදී හටගත් දේශපාලන ගැටුමකදී සිදුවී යැයි කියන වෙඩි තැබීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 4 දෙනකු මියගිය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු තවත් කිහිප දෙනකු තුවාල ලැබීය.
 
ඒ පිළිබඳව පැවැති නඩු විභාගයේදී දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනකු වැරැදිකරුවන් කරමින් ඔවුන්ට මරණ දඬුවම් නියම කරනු ලැබීය.
 
එකී තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු සිවු දෙනා විසින් ගොනුකරන ලද විශේෂ අභියාචනා පෙත්සම ඊයේ (10දා) දිනයේ ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.
 
අභියාචනය විභාගයට ගත් මීට පෙර අවස්ථාවන්හිදී ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අවධාරණය කර සිටියේ සාක්ෂි හෝ කරුණු මත නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනප්‍රිය දේශපාලන චරිතයක් වීම මත පදනම් වෙමින් ඔහුට එරෙහිව නඩු තීන්දුව ලබාදී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න