දැව සංස්ථාවේ අළුත් සභාපතිට : ජවිපෙන් කුඩුවෙන ප්‍රහාරයක්

දැව සංස්ථාවේ අළුත් සභාපතිට : ජවිපෙන් කුඩුවෙන ප්‍රහාරයක්

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති අනුරුද්ධ පොල්ගම්පොළ අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධව කිහිපවතාවක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි.

ඒ බව පවසමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ එවැනි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීම අල්ලස සහ දුෂණයට එරෙහිව රජය ගත් නවතම ක්‍රියාමාර්ගයක්දැයි බරපතල ප්‍රශ්නයක් මතුවන බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දක්වන සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජවිපෙන් ඉවත් කිරීමෙන් පසුව අනුරුද්ධ පොල්ගම්පළ රාජපක්ෂ රෙජීමයට එකතුවූ බවත් එහිදී කළුගල් වැඩපළක් ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් පුද්ගලයන් දෙදෙනෙකුට ලක්ෂ 75 ක මුදලක් වංචා කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගනුලැබූ බවය.

2017 ජූලි 15 වනදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම වවුනියාව ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන් පිරිසකට අගරු චෙක්පත් ලබාදෙමින් මුල්‍ය වංචා සිදුකිරීමට අදාළව අනුරුද්ධ පොල්ගම්පළව 2016 මැයි 11 වනදා වවුනියාව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකළ බවද සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

තවද රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා රුපියල් එක්කෝටි විසිලක්ෂයක බොරළු පස් ගෙන නිසිපරිදි මුදල් නොගෙවා විශ්වාසය කඩකිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා රහස් පොලිස් අත්අඩංගුවට පත්ව අළුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කර ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටින බවද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොළ පසුගිය මැයි  (04)වනදා  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  අතින් පත්වීම් ලිපිය ලබා ගත් අතර ඒ ඊට පෙර එම ධුරය ඉසිළු පී.දිසානායක කෝටි දෙකේ අල්ලස් සිදුවීමට අත්අඩංගුවට පත්වූ නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න