ඩිලාන් - චන්දිම ඇතුළු පිරිසක් ශ්‍රීලනිප මැයි රැළිය වර්ජනය කරයි

ඩිලාන් - චන්දිම ඇතුළු පිරිසක් ශ්‍රීලනිප මැයි රැළිය වර්ජනය කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරු 3.00 ට මඩකළපුව චෙන්කල්අඩු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මැයි දින සැමරුම සඳහා සහභාගී වන්නේ ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් කොටසක් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇතුළු පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පිරිසක් මෙසේ මැයි දිනය වර්ජනය කිරීමට තීරණය කර ඇත.

රැළිය වර්ජනය කරන්නේ : දුමින්දට සහ අමරවීරට විරෝධය දක්වන්න 

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන දෙපළගේ මූලිකත්වයෙන් මැයි දින රැළිය සංවිධානය වන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බවය.

රැළියට එන්න : ඒත් වේදිකාවට එන්න බෑ - පොහොට්ටුවෙන් දැනුම්දීලා 

මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සමරු වේදිකාවට ගොඩවීමට අවසර ඉල්ලා ඇතත් බැසිල් පාර්ශවයෙන් ඊට විරෝධය එල්ලවීම හේතුවෙන් එම අවස්ථාව අහිමිවී ඇති බවද දැනගන්නට ඇත.

එහිදී බැසිල් පාර්ශවය දැනුම්දී ඇත්තේ ඕනෑම අයෙකුට තම මැයි දින සමරු රැළියට එක්වීමට හැකි වුවත් ඒ එන ඕනෑම අයෙකුට වේදිකාවේ අසුන් පැණවීමට නොහැකි බවය.
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සමරු රැළිය ගාල්ලේ පැවැත්වෙන බැවින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා එහි වේදිකාවට ගොඩවීමට අවසර ඉල්ලා ඇති නමුත් මේ වන තුරුත් ඊට පක්ෂයේ අනුමැතිය ලබාදී නොමැති බව පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එස්.බී. මඩකළපුවේ වේදිකාවට ගොඩවෙයි 

කෙසේ නමුත් ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මඩකළපුවේ පැවැත්වෙන මැයි දින වේදිකාවට ගොඩවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න