Language Switcher

V2025

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද? තියන එකට සංශෝධනද? : 24 සාකච්ජාවෙන් තීන්දුවක්

නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ ද නොඑසේනම් පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්නේ ද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව එළඹෙන මැයි 24 වනදා යළි රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරණ මෙම මෙහෙයුම් කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය වීම පිණිස පත්කර තිබූ අතර එය අවසන් වතාවට රැස්ව තිබුණේ 2017 නොවැම්බර් මාසයේය.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක් ද ඉදිරිපත් කළ අතර එය දින 05ක් පුරා විවාදයට ගැනිණි.
එම විවාදයේදී මතු වූ කරුණු මෙන්ම අතුරු වාර්තාව සම්බන්ධයෙන් ලැබුණු මහජන අදහස් හා විද්වත් මත ලබන 24 වන දා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී  වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.