මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසුරියගෙන් අද (17) සවස ප්‍රකාශයක් සටහන් කරගන්නා බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීමට නියමිතව ඇත.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වු අවස්ථාවේ දී ඒ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂට මුලින්ම දැනුම් දී ඇත්තේ කරු ජයසුරිය විසින් වීම මෙම ප්‍රකාශය ලබාගැනීමට ආසන්න හේතුව ලෙස වාර්තා වන අතර එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කරූ ජයසූරිය කටයුතු කර ඇත.
එසේම කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය දැනගත් ආකාරය හා තවත් සිද්ධීන් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අපේක්ෂිත බවද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට ලක්වුයේ 2008 වර්ෂයේ දී වන අතර එම සමයේ ඔහු ‘ද නේෂන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් කටයුතු කර ඇත.
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් අට දෙනෙකු මේවන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

