සෑම වසරකම මැයි මස 17 දිනට යෙදෙන ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මෙවර ද ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමරනු ලැබුණි.
2018 වසරේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් යොජනා කෙරුණු තේමාව වූයේ ”සැමට කෘත‍්‍රිම බුද්ධියේ යහපත් භාවිතය” යන්නයි.
ඒ වෙනුවෙන් අද ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයේ දී දෙදින වැඩමුළුවක් ආරම්භ කෙරුණි. එහි ප‍්‍රධාන පුහුණුකරුවා වූයේ ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ විශේෂඥ ජොනී කිම් විසිනි.
අධ්‍යක්‍ෂ ජනරාල් ශමල් ජයතිලක මහතා සභාව ඇමතීම
ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ විශේෂඥ ජොනී කිම් මහතා වැඩමුළුව මෙහෙයවීම
සහභාගීවන පිරිස
ඡායාරූප - බන්දුල සේනානායක

