රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක වරයා ලෙස පත්කර ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (15) මෙම පත්වීම ප්‍රධානය කර ඇත.
ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ 2016 - 2018 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කර ඇති අතර, එම කාලය තුළ දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා පුළුල් ලෙස වර්ධනය කිරීමට හැකිවීම සහ අනිකුත් ජාත්‍යන්තර කටයුතු මත මෙම පත්වීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික ඉතිහාසයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයකු රුසියාවේ නිල සංචාරයක යෙදීමේ කටයුතු සංවිධානය කිරීම මෙන් ම දෙරට අතර ඇති වූ තේ අර්බුදය මෙරටට වාසි සහගත වන ආකාරයෙන් විසඳා ගැනීමට ද වෛද්‍ය සමන් වීරසිංහගෙන් සිදු වූ මෙහෙය අති විශාල වන අතර එමෙන් ම රුසියානු ජනාධිපතිවරයා ගේ නිර්දේශය මත විදේශිකයෙකුට ප‍්‍රදානය කරනු ලබන ඉහළ ම සම්මානය වන රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූූ එකම ශී‍්‍ර ලාංකිකකයා වනුයේද ඔහුය.

