රනිල්ව කියවන්න : දීප ව්‍යප්ත කැන්වසින් වැඩක් !

රනිල්ව කියවන්න : දීප ව්‍යප්ත කැන්වසින් වැඩක් !

ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන “රනිල්ව කියවන්න” නම් වූ ප්‍රචාරක වැඩසටහන හෙට (07) පෙ.ව 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.

පළාත් 9ක්, ආසන 160ක්, පළාත් ආයතන 341ක්, කොට්ඨාස 4984ක්, වසම් 14026ක් සහ ගම් වීදි 53896ක් ආවරණය කරමින් සිදු කෙරෙන මෙම වැඩසටහනේ අපේක්ෂිත අරමුණ වන්නේ රනිල් වික්‍රමසිංහ නම් චරිතය දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් කියවා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීමයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා වූ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය ඇතුළත් පත්‍රිකා බෙදා හැරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ යටතේ සංවිධානය කෙරේ.

නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු නොවන ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක සුබවාදී හෙටක් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු එක්රැස් කරමින් පැවැත්වෙන මම ප්‍රචාරක වැඩසටහන සමඟ එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට ගෞරවයෙන් ආරාධනා කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න