බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් මැ.කො.ට පැමිණිල්ලක්

බස්නාහිර ආණ්ඩුකාර ලේකම්ට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් මැ.කො.ට පැමිණිල්ලක්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අනීතිකව දුරකතන ඔස්සේ හිතවතුන්ගෙන් පමණක් අයැදුම්පත් කැඳවා තිබෙන බව කියමින් ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ලේකම්වරයා මේ වනවිට විශ්‍රාම ගොස් සිටින නමුත් තවදුරට ත් තනතුරේ රැඳී සිටිමින් අනීතික අයුරින් මෙසේ අයැදුම්පත්‍ර කැඳවා තිබෙන බව ත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන 10 වන දා කැඳවා තිබෙන බව ත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තනතුර ද්විත්ව තනතුරක් වන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට විධිමත්ව දිවයින පුරා අයැදුම්පත් කැඳවිය යුතු නමුත් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි හදිසියේ අයැදුම්පත් කැඳවීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇතැයි ප්‍රධාන ලේකම්වරයා එමගින් පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දිගින් දිගට ම දේශපාලන කටයුතුවලට මැදිහත්වෙමින් සිටින බව පවසන ජෝසෆ් ස්ටාලින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට අයැදුම්පත්‍ර කැඳවීම හා සම්මුඛ පරීක්ෂණ අවලංගු කරන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න