ඇලෝ - කසුන් "ප‍්‍රතිශෝධන පෙත්සම" : සලකා බැලීමට දින නියම වෙයි

ඇලෝ - කසුන් "ප‍්‍රතිශෝධන පෙත්සම" : සලකා බැලීමට දින නියම වෙයි

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම මැයි  මස 25 වැනි දා සහ ජුනි 1 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දුකර ඇත.

එම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය  මේ බව දැනුම්දී තිබේ.

පෙත්සම ගොනුකරමින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති තමන්ට ඇප ලබාදීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර ඇති බවය. 

එසේම මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන ගේ උපදෙස් මත නීතීඥ නවීන් මාරපන  සහ ජනාධිපත නීතීඥ ගාමිණී මාරපාන පෙනී සිට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න