නාමල්ගේ ක්‍රිෂ් නඩුව : නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වෙලා ! 

නාමල්ගේ ක්‍රිෂ් නඩුව : නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වෙලා ! 

රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ක්‍රිෂ් නැමැති ඉන්දියානු සමාගමකින් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බව වාර්තා වෙයි.

එම පැමිණිල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද (18) කැඳවූ  අවස්ථාවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ බව සඳහන් කර ඇති අතර   අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ලබාදී ඇති නමුත් ඒ  සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද  අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අදාළ පැමිණිල්ල නැවත ජූලි මස 13 වනදා කැඳවීමට නියම කළ අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් නීති උපදෙස් ලබා දෙන්නැයි නීතිපතිවරයා වෙත කැඳවීමක් යොමු කිරීමට ද නියෝගකර ඇත.

මේ අතර විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද(18) දින සිට ජුලි මස 13  වන දා දක්වා විදේශගතවීම සඳහා පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කිරීමට ද නියම කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න