ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවයි

ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවයි

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ පැයකටත් අඩු කාලයක් පමණයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක මහතා කියා සිටියේ එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම මේ වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ ය

දිස්ත්‍රික්ක කිහිපයක දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පහතින් දැක්වේ.

ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%

කොළඹ – 60%,
ගම්පහ – 62%,
කළුතර – 60%,
නුවරඑළිය – 70%,
ගාල්ල – 61%,
මාතර – 64%,
හම්බන්තොට – 60%,
මන්නාරම – 60%,
බදුල්ල – 59%,
රත්නපුර – 60%,
කෑගල්ල – 60%,
අම්පාර – 60%,
ත්‍රිකුණාමලය – 55%,
පුත්තලම – 57%,
මොනරාගල – 65%,
අනුරාධපුර – 70%

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න