ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා - ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අනුර කුමාර ප්‍රතිඥා දෙයි

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා - ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අනුර කුමාර ප්‍රතිඥා දෙයි

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අද උදෑසන (23) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, දිවුරුම් දුන්නේය.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව හෙතෙම ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බවට සහතික විය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

''අප රටේ ප්‍රජාතන්ත්‍රවායේ වැදගත්ම ලක්ෂණය වන්නේ ජනතාව විසින් පාලකයෙක් තෝරා ගැනීමයි. මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සහ පාලකයා තෝරා ගැනීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වන්නේ නැහැ. අප රට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයන්ගේ ශක්තිමත් කිරීම අවශ්‍යයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීම සිදුකරන බව ප්‍රතිඥා දෙනවා.

මැතිවරණ බල හුවමාරුවකදී බල හුවමාරුව කිසිම නායකයෙක් ප්‍රතික්ෂේප කර නැහැ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවරම සුහදව පිළිගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වෙනුවෙන් එතුමාගේ කැපවීම, ආදර්ශය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.

 අපට ලැබෙන්නේ අභියෝගාත්මක රටක්. අපගේ දේශපාලනය මීට වඩා පිරිසිදු විය යුතුයි. යහපත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

 අප රටේ දේශපාලනය ගැන මහජනතාවට තිබෙන්නේ හොඳ මතයක් නොවේ. ඒ නිසා මහජනයා කෙරෙහි දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවය නැවත ඇති කරන්න කටයුතු කරනවා.

මේ ගැඹුරු අර්බුදය හුදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට පියමං කළ හැකි දෙයක් යැයි විශ්වාස කරන්නේ නැහැ.

''මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ''

මා ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මැජික්කරුවෙක් නොවේ. මා මේ රටේ සාමාන්‍ය පුරවැසියයි.දන්නා දේවල් මෙන්ම නොදන්නා දේවල් තිබෙනවා.හැකියාවන් යොදා යොදාගෙන නොදන්නා දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගැනීම මගේ අරමුණයි.

සාමූහික මැදිහත්වීමේ කොටස්කරුවකු බවට පත්වීම මගේ අරමුණයි. අර්බුදය නිමා කිරීමේදී පොදු පුරවැසියාටත් වගකීමක් තිබෙනවා. ඒ සැමගේ වගකීම අපේක්ෂා කරනවා.

මේ කාර්යභාරයේ ප්‍රමුඛතම වගකීම මා සතුව තිබෙන බව මා පිළිගන්නවා. භාවිතාවේදී හැම හැම විටම මා ඒ කාරණය පොදු පුරවැසියාට ඒත්තු ගන්වනවා.

 අප රටට ජාත්‍යන්තර සහය අවශ්‍යයි. ඒ ඒ රාජ්‍යයන් සමඟ අපට වාසි සහගත අයුරින් කටයුතු කරන්නට කටයුතු කරනවා. අප හුදෙකලාව යුතු විය යුතු රාජ්‍යයක් නොවේ. එමෙන්ම කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයන්ට රට ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් තිබෙනවා. ඔවුන් රජයේ කාර්යභාරයට උදව් කරනු ඇතැයි මා සිතනවා.

 අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් මා ජනපති කර තිබෙනවා.

අයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපට සහාය නොදුන් විශ්වාස නොකරන පුරවැසියන් පුරවැසියන්ගේ විශ්වාසය ගොඩනඟා ගැනීමටද අප කටයුතු කරනවා. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න