මාදිවෙල පිහිටා ඇති මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 1087 දෙනෙකුට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ හදිසි අලුත් වැඩියාවක් සදහා එම නිවාසවලින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවයි.
මෙම දැනුම් දීමට අනුව මේ වන විට මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඉන් ඉවත්ව ගොස් ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කරයි.
අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන් හට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස ලබාදීමට සිදු වන හෙයින් ඒවා කල්ඇතිව අලුත් වැඩියා කටයුතු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
