ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්

ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි.

පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ, නීතිපතිවරයා විසින් ලබාදුන් නිර්දේශය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවය.

ඒ අනුව අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි.

පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්ය.

අහිම්සා වික්‍රමතුංග අගමැතිනියට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්

06 February 2025 Impeachment of Attorney General 250206 110945 page 0001

06 February 2025 Impeachment of Attorney General 250206 110945 page 0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න