ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙයි.
අද පෙරවරු 8 සිට ජාතික සත්ව සංගණනය ආරම්භ වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය.
අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී පැවසුවේ උදෑසන 8.00 සිට 8.05 දක්වා කාලය තුළ මෙම සංගණනය සිදුකෙරෙන බවයි.
සියලුම ගොවි බිම්වල රැඳී සිටිමින් මේ සංගණනය සඳහා සහාය දක්වන ලෙස ද අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී පවසයි.
යම් ප්‍රදේශයක වගා හානි සිදුකරන සතුන් නොමැති නම් ලබාදී ඇති පත්‍රිකාවේ ඒ බව සඳහන් කරන ලෙස ද ඇය දැනුම් දෙයි.
වනාන්තරවල හැර සියලු ගෘහ ඒකක, වගාබිම්, සිද්ධස්ථාන, පාසල්, රජයේ හා රජයේ නොවන ආයතන ආශ්‍රිතව සැරිසරන වදුරන්, රිළවුන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව එහිදී සංගණනයට ලක්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
