හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

හිටපු ඇමති ටිරාන්ට CIDයෙන් කැඳවීමක්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි 'W15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් තොරතුරු දැනගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට (සඳුදා 31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

 මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා වැඩි දුරටත් තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිද්ධියට දින කිහිපයකට පසු (2024 ජනවාරි 18) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍යවරයා විසින් කළ අනාවරණයන් සම්බන්ධයෙන් ද කරුණු විමසීමට නියමිතව ඇතැයි පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න