'2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව' නාමිනී

'2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව' නාමිනී

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව" සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ "2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාවන්" ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙල ලබන සතියේදී ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ජනාධිපති ආර්යා මෙලෙනියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නාමිනී විජේදාසසම්මානය සඳහා නිර්දේශ කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ උපුටා ගැනීමේ සටහන්ව තිබුණේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති සම්මානලාභී මාධ්‍යවේදිනියක් වන නාමිනී විජේදාස, ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුමේ මිනිස් හානිය වාර්තා කරමින් සහ එහි ප්‍රතිවිපාකවලින් පීඩාවට පත්වූවන්ට හඬක් දෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ මාධ්‍යවේදිනියක් බවය.

කාලයාගේ ඇවෑමෙන්, ඇයගේ අවධානය විමර්ශනාත්මක වාර්තාකරණය හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමටත්, තීරණාත්මක වගවීමේ ගැටළු පෙරමුණට ගෙන ඒමටත් නාමිනි විජේදාස කටයුතු කළ බව එම උපුටා ගැනීමේ දැක්වේ.

එසේම ඇය ඊළඟ පරම්පරාවේ මාධ්‍යවේදීන්ට ආදර්ශයක් බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපුටා ගැනීමේ සටහන් විණ.

තම මාධ්‍යකරණය තුළින් නාමිනි විජේදාස නිරන්තරයෙන් වගවීම වෙනුවෙන් පෙනී සිට ඇති බවත් අර්ථවත් වෙනසක් සාක්ෂාත් කරගත හැක්කේ බලයේ සිටින අයගෙන් ජනතාව විනිවිදභාවය ඉල්ලා සිටින විට පමණක් බව ඇය පෙන්වාදී ඇති බවත් එම උපුටා ගැනීමේ දැක්වේ.

මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට නීතිමය සීමාවන් තිබීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදින් පසුබසින විට නාමිනි විජේදාස තවමත් නොසැලී සිටින බව එහි සඳහන් වේ.

Secretary of State’s 2025 International Women of Courage Award Recipients Announced

( lankadeepa | විමුක්ති එස් රුද්‍රිගු)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න