හිටපු ඇමති ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

හිටපු ඇමති ටිරාන් අලස් CIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය පහමාරකට අධික කාලයක් ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක් අනුව හිටපු අමාත්‍යවරයා අද (31) පෙරවරු 10.45ට පමණ එම දෙපාර්තමේන්තුවට පැමිණියේ ය.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා එහි කැඳවූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න