පෙට්‍රල් මිල පහළට

පෙට්‍රල් මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.

සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න