චාමර සම්පත් යළිත් රිමාන්ඩ්

චාමර සම්පත් යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි  නියෝග කළාය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී සිදු කළ බව කියන මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි  පසුගිය 27 වැනිදා නියෝග කළා ය.

එහිදී ඔහුට එරෙහිව මූල්‍ය දූෂණ චෝදනා තුනක් යටතේ නඩු තුනක් සලකා බැලුණු අතර, ඉන් නඩු 2කට ඇප ලබා දෙමින් එක් නඩුවකට පමණක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එදින නියෝග කළා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න