නව වාහන ලියාපදිංචි කිරීම සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කර ඇත.
යතුරුපැදි, ත්‍රිරෝද රථ, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ට්‍රේලර් ලියාපදිංචි කිරීම හෝ මාරු කිරීම සඳහා TIN අංකය අනිවාර්ය නොවන බව දෙපාර්තමේන්තුව පැවසීය.
වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු, වාහන ලියාපදිංචි කිරීම සඳහා TIN අංකය අනිවාර්ය වන බව රජය පසුගිය මාසයේ නිවේදනය කළ බැවින් මෙම පැහැදිලි කිරීම වැඩිදුරටත් සිදු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
