වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින්ට අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
චක්‍රලේඛයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි.
ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය මත සියයට 10ක අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි නව සීමා යටතේ පුද්ගල ආදායම් බදු අයකිරීම සිදු වෙයි.
පුද්ගල ආදායම් බදු අයකරන සීමා සංශෝධනය කරන පනත් කෙටුම්පත ගැසට් කෙරුණේ පසුගිය පෙබරවාරී මාසයේදී ය.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව නව පුද්ගල ආදායම් බදු සීමාවන් වන්නේ,
එය දළ වශයෙන් රුපියල් 12,500 ක්.
ඉන්පසුව වැඩිවන රුපියල් 41667 ක මුදල හා ඉන් ඔබ්බට උපයන මාසික ආදායමට 36% ක පුද්ගල ආදායම් බදු ප්‍රතිශතයක් ගෙවිය යුතුයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
