අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2025

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව - 2025

සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඉතිරිව ඇත්තේ, පැය 24 කටත් අඩු කාලයකි. 

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින්ය.

පුරාණ සම්ප්‍රදායට අනුව අද සැළකෙන්නේ, පරණ අවුරුද්ද හෙවන් පුරාණ කෝනම් දිනය ලෙසයි.

සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමග අලුත් අවුරුද්ද උදාවේ.

ඒ හා සබැදුණු චාරිත්‍ර අතීතයේ සිටම ජනතාව ඉටු කරන්නේ, නැකතට මුල් තැන දෙමිනි.

ඒ අනුව අදට (13) යෙදී තිබෙන්නේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමයි.

දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ දැක්වේ.

පුණ්‍ය කාලය උදාවෙන්නේ, අද රාත්‍රී 08.57 ටයි.

ඒ අනුව අද රාත්‍රි 08.57 ට පෙර සියලු වැඩ අත්හැර , ආහාර පාන අනුභව කර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ සඳහන්.

මෙවර අලුත් අවුරුද්ද උදා වන්නේ, හෙට (14) අලුයම 03.21 ටයි.

ආහාර පිසීමේ නැකත, හෙට (14) අලුයම 04.04 ට යෙදී තිබේ.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද, දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකැත් සිට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ, හෙට උදෑසන 06.44 ටයි.

ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ, මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බවයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය 16 වැනි බදාදා උදෑසන 09.04 ට යෙදී තිබේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමට ඇත්තේ, 17 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 09.03 ටයි.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වේ.

ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න