Language Switcher

Ad

Ad 01

V2025

අධිවේගී මාර්ගයේ ආදායම දින තුනක් තුළ කෝටි 13යි

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය පවසයි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන තුන්ලක්ෂ අසූ හත්දහසක් ධාවනය කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.