සිරි දළදා වන්දනාවට විශේෂ දුම්රිය සේවාවක්

සිරි දළදා වන්දනාවට විශේෂ දුම්රිය සේවාවක්

සිරි දළඳා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ලබන 28 දක්වා දින 10ක් පුරාවට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, කොළඹ කොටුව සිට මහනුවර, ගම්පොල හා කඩුගන්නාව සිට මහනුවර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

එමෙන්ම මහනුවර සිට කොළඹ කොටුව, ගම්පොල හා කඩුගන්නාව දක්වාද දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියට අමතරව සිරි දළදා වන්දනාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා ධාවනයට යොදවා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න