සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ : පළමු මහාධිකරණ නඩුව විභාගයට

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ : පළමු මහාධිකරණ නඩුව විභාගයට

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ මෙම නඩුව පවරා ඇති අතර එම පනත යටතේ මහාධිකරණයක් හමුවේ පවරන ලද මුල්ම නඩුව විභාග කිරීමට කොළඹ මහ අධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව විභාගයට ගැනීමට තීරණය වී ඇත්තේ දුම්කොළ පනත යටතේ  වරඳක් කළ බව කියමින් තමන් අත්අඩංගුවට ගෙන මාස 03 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමෙන් රේගු නිලධාරී තමාගේ මුලික අයිතිවාසිකම් කඩ කළ බව පවසමින් දුම්කොළ ව්‍යාපාරිකයකු විසින්  පවරන ලද නඩුවකි. 

එස් . ජුනයිඩීන්  නමැති දුම්කොළ ව්‍යාපාරිකයා විසින්  මෙම නඩුව පවරා ඇති අතර එම ආණ්ඩුව  පවත්වාගෙන යාම සඳහා බැලූ බැල්මට කරුණු ඇති බව තීරණය කරමින්  කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මෙම තීන්දුව ගෙන  ඇත.

ඒ අනුව මෙම නඩුවේ  වග උත්තරකරු ලෙස නම් කර ඇති රේගු අධිකාරී වී.ඩබ්ලිව් නානයක්කාරට එළඹෙන  19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න