අමල් ගැන බොරු සීන් දෙන අජිත් ප්‍රසන්නට : අධිකරණයෙන් දැඩි අවවාද !

අමල් ගැන බොරු සීන් දෙන අජිත් ප්‍රසන්නට : අධිකරණයෙන් දැඩි අවවාද !

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදී මරණ තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව  සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ‍ජනරාල් අමල් කරුණාසේකරගේ නීතීඥයකු ලෙස පෙනී සිටීමෙන්  වළකින ලෙස විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න වෙත දැඩිලෙස අවවාද කර ඇති බව වාර්තා වෙයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව අද (30) කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා මෙසේ අජිත් ප්‍රසන්න වෙත දැඩිව අවවාද කර ඇති අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ දැනුම්දීමකට අනුවය.

අධිකරණ ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට අජිත් ප්‍රසන්න අවස්ථා ගණනකදී  විශ්‍රාමික මේජර් ‍ජනරාල් අමල් කරුණාසේකරගේ  නීතීඥයකු ලෙස මාධ්‍ය හමුවේ  පෙනී සිට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර නඩු විභාගයේ විමර්ශනයන්ට බලපෑම් වන ආකාරයේ විවිධ ප්‍රකාශද නිකුත් කරමින් සිටියි.

ඒ අනුව  අජිත් ප්‍රසන්නව නීතීඥයකු ලෙස යොදාගෙන තිබේද යන්න සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවේ සිටින  විශ්‍රාමික මේජර් ‍ජනරාල් අමල් කරුණාසේකර  වෙතින් විමසා ඇති අතර එහිදී විශ්‍රාමික ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අජිත් ප්‍රසන්න කිසිසේත් තම  නීතීඥයකු නොවන බවත් තමන් කිසිවිටෙක එවැන්නෙකුගේ සේවයක් ලබාගෙන නොමැති බවය.

එම දැනුම්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දන්වා ඇති අතර ඒ අනුව අධිකරණය අජිත් ප්‍රසන්න වෙත අවවාද නිකුත් කර ඇත.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදී මරණ තර්ජනය කිරීමේ සිදුවීමට අදාළව  සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික මේජර් ‍ජනරාල් අමල් කරුණාසේකර එළඹෙන 13 වනදා දක්වා  බන්ධනාගාර ගතකර තබන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න