වයස අවුරුදු 18 ට අඩු බැංකු ගිණුම් හිමියන්ගේ පොළිය මත පනවා තිබූ 5% රඳවා ගැනීමේ බද්ද සහ ලේඛකයින්ගේ කර්තෘ භාග මත පනවා තිබූ 14% බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම සඳහා බදු පනත සංශෝධනය කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
අමාත්‍ය මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මීට පෙර "ඕනෑම තැනැත්තෙකුගේ (ජේෂ්ඨ පුරවැසියන් හැර) බැංකු තැම්පතු සඳහා ලැබෙන පොළී ආදායම 5%ක අනුපාතයෙන් රඳවා ගැනීමේ බද්දට යටත්ව" තිබී ඇති අතර එය ළමා ගුනුම් සඳහා ද අදාලවී ඇත.
නමුත් අමාත්‍යවරයා අද (30) ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අනුව ඕනෑම මුල්‍ය ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු මත වයස 18 ට අඩු ළමයින් විසින් ඉපැයෙන පොළිය රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇත.
එසේම නව සංශෝධන යෝජනා අනුව ගෙවනු ලබන රාජ්‍යභාග තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් ලක්ෂ 5 ක උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000ක් නොයික්මවයි නම් රඳවා ගැනීමේ බද්ද අඩු නොකිරීමට යෝජනා කර ඇත. ඒ අනුව මේ 2018 මාර්තු 31 දිනට පෙර ඇති තත්ත්වයට පත්කිරීමක් ව තිබේ.

