ලොකු ලූණු මිල දී ගැනීම සඳහා රජය අමුතු ම කොන්දේසි පනවලා - සජිත් ප්‍රේමදාස

ලොකු ලූණු මිල දී ගැනීම සඳහා රජය අමුතු ම කොන්දේසි පනවලා - සජිත් ප්‍රේමදාස

රටේ ලොකු ලූනු ගොවියා දිගින් දිගට ම මුහුණ දෙන ගැටලු පිළිබඳ වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළ ද අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතු ම කොන්දේසි පනවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ වත්මන් රජය විසින් ලොකු ලූනු මිල දී ගැනීමේ දී පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා...

මේ ආණ්ඩුවත් ගෝඨාභය ගේ අඩි පාරේ


''රජය මිලදී ගන්නා ලොකු ලූණු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු බවට අනිවාර්ය කර තිබෙනවා. එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූණු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය යි. එදා ඒ දේ විවේචනය කරමින් විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම අද රාජ්‍ය බලය ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ ගේ අඩි පාරේ ම යමින් මිල තීරණය කිරීම විහිළු සහගත ක්‍රියාවක් බවට පත් කරලා. 

 
මේ කොන්දේසි ඉදිරිපත් කිරීම තුළ ලොකු ලූණු ගොවියාගෙන් ලොකු ලූණු මිල දී ගැනීම අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් ලෙස මෙය දකිනවා. ලොකු ලූණු වෙනුවෙන් ආනයනික බද්දක් පනවා ලොකු ලූණු ගොවියාට ඉහළ මිලක් ලබා දෙනවා කියල රජය පුරසාරම් දෙඩුවාට බද්ද පනවන්න පෙර රජයට සම්බන්ධ ගජමිතුරන් හරහා ලොකු ලූණු ආනයනය කර ගබඩා කර ආනයනයකරුවන්ට වාසියක් ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා.


රජය ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් ශක්තිමත් කරනවා


විලච්චි සහ ඇලහැර ප්‍රදේශයේ ලොකු ලූණු ගොවියන් හමුවූ අවස්ථාවේ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා. පසුගිය කන්නයේ රු. 7000ට දක්වා යූරියා මිටිය රු.9000 දක්වාත් ටී.එස්.පී. පොහොර රු. 9000 සිට 12500 දක්වා වැඩි වී ඇති නිසා අක්කරයක වගා කටයුතු සඳහා රු. ලක්ෂ 5ක පිරිවැයක් දැරීමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ ගැටලු මැද සිදු වෙන සත්ව හානි, කාලගුණික හානි ඇතුළු කරුණු කාරණා රැසක් නිසා ගොවියාගේ නිෂ්පාදනයට නිසි මිලක් ලැබෙන්නෙ නැහැ.
 
 මෙවන් තත්ත්වයක් උඩ රජය ක්‍රියාත්මක කරන මේ ප්‍රතිපත්තිය මගින් පෙන්වා දෙන්නේ ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් සවිමත් කරන බවයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබුණේ ගොවියා සවිබල ගැන්වීම මිස ගොවියා විනාශ කිරීම නොවන නිසා වහාම ලොකු ලූණු ගොවියා වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන්න. ලොකු ලූණු ගොවියා අනාථ කරන ප්‍රතිපත්ති නතර කර තමන්ගේම ශක්තිය තුළින් ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය කරල දෙන්න. බොරු දේශපාලනය, වංචාකාරී පච දේශපාලනය, නවත්වල ලොකු ලූණු ගොවියා රැක ගන්න කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.''




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න