වෛද්‍යවරුන් විදෙස් ගතවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති වෛද්‍යවරුන්ගේ හිඟය නිසා පර්යන්තයේ රෝහල් ගණනාවක රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කමින් මේ බව සඳහන් කරන එම සංගමය පවසන්නේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කාලානුරූපීව යාවත්කාලීන නොවීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීමේ අවදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ දැනට උද්ගතව ඇති ගැටලුව විසඳීමට වගකිවයුත්තන් අපොහොසත් වන්නේ නම් වෛද්‍යවරුන් නොමැතිව අඩපණ වී ඇති පර්යන්ත රෝහල් වසා දැමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කිරීමට සිදුවනු ඇති බවයි. එමෙන් ම එවන් තත්ත්වයක දී රෝගී සත්කාර සේවාවන් බිඳ වැටී අවදානමට ලක්වෙන ජන ජීවිත පිළිබඳ සම්පූර්ණ වගකීම කළමනාකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු මීට වගකිව යුතු සියලු පාර්ශව භාර ගත යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.
මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


