ජනපති නියමයෙන් ගෝඨාට විශේෂ කොමාන්ඩෝ ආරක්ෂාවක්

  ජනපති නියමයෙන් ගෝඨාට විශේෂ කොමාන්ඩෝ ආරක්ෂාවක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතියක් යටතේ කොමාන්ඩෝ සෙබලුන් කණ්ඩායම් දෙකක විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමේ අපේක්ෂාවෙන් මේ වනවිට ප්‍රචාරක ව්‍යාපෘති සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගමන් ගන්නා ගොඨාභය රාජපක්ෂ මහතා මෙම විශේෂ ආරක්ෂක කණ්ඩායම් දෙක සමඟ එම ගමන්වල යෙදෙන බව වාර්තා වෙයි.

වාර්තාවන ආකාරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇත්තේ විශේෂ ආරක්ෂක බලකායේ ආරක්ෂාවක් පමණි. යුද්ධය අවසන් කිරිම සඳහා නායකත්වය දුන් ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාට සහ එවකට හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු නායකයන් කිහිපදෙනෙකුටම කොමාන්ඩෝ සෙබලුන්ගේ ආරක්ෂාව ලැබී නොමැත. ඔවුන්ටද පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව පමණක් හිමිවී ඇත.

මේ පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශක ජයනාත් ජයවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ විශේෂ ආරක්ෂාව ලබාදීම සාමාන්‍ය තත්වයක් බවයි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එම විශේෂ ආරක්ෂාව ලබා නොදෙන්නේ මන්දැයි කළ විමසීමේදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ විශේෂ අවස්ථාවල ඔහුට එම ආරක්ෂාව ලබාදෙන බවයි. මෙසේ ආරක්ෂාව ලබාදෙන පුද්ගලයන් තෝරාගන්නේ කෙසේදැයි විමසූ විට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම ආරක්ෂාව ලබාදෙන බවයි. යුද හමුදාව පිළිබඳ ප්‍රවීණයෙකු අදහස් දක්වමින් අප සමග ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් විශේෂ ප්‍රහුණුවක් ලත් කොමාන්ඩෝ සෙබලුන්ගේ ආරක්ෂාව ප්‍රභූන්ට ලබාදෙන්නේ යුද සමයකදී බවයි.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න