කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිනෙන හා පිටත්වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා කිහිපයක අද (03) දිනයේ කාල සටහනෙහි වෙනසක් සිදුවන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඉන්දියන් සාගර කලාපයේ අහසේ සිදුකරන ගුවන් ගමන් අත්හදා බැලීමක් හේතුවෙන් මෙසේ කාල සටහනෙහි තරමක වෙනස්වීමක් සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.
ඒ අනුව යූ.එල් 318/319, යූ.එල් 306/307, යූ.එල් 402/403, යූ.එල් 314, යූ.එල් 302, යූ.එල් 318, යූ.එල් 306 සහ යූ.එල් 402 යන ගුවන් ගමන් වාරවල වෙනසක් සිදු වන බවයි ශ්‍රි ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිබව ශ්‍රි ලංකන් ගුවන් සේවය වැඩි දුරටත් දක්වා සිටියි.
කෙසේ වුවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ ඉන්දීය ගුවන් සීමාවේ සිදුවන මිසයිල අත්හදා බැලීමක් හේතුවෙන් මෙසේ ගුවන් ගමන් වාර වෙනස් කිරීමට හේතුවී ඇති බවය.
මේ වන විටත් ඉන්දියාව SFDR (solid fuel ducted ramijet ) වර්ගයේ මිසයිලයක් සාර්ථකව අත්හදා බලා ඇති බවත් ප්‍රවාලනය හෙවත් ඉදිරියට තල්ලුවීමේ තාක්ෂණයෙන් යුතු මෙම මිසයිලය ඝන හෝ ද්‍රව ඉන්ධන යොදා ගැනෙන සම්ප්‍රදායික මිසයිල තාක්ෂණයෙන් වෙනස් වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත.

