දින 100 වැඩපිළිවෙල සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකල ප්‍රකාශය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂයේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට මේ සම්බන්ධ යෝජනාව මීළඟ පාර්ලිමේන්තු පක්ෂනායක හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙසේ දින 2ක පාර්ලිමේන්තු විවාදයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන්නේ පසුගියදා පැවති සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවය අමතමින් ජනාධිපතිවරයා දින 100 වැඩසටහන සම්බන්ධව තමන් නොදැනුවත් බව ප්‍රකාශ කල බවත් එහෙයින් එම වැඩසටහන සම්බන්ධව සැකයක් ඇති බව පෙන්වමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
