නියෝජ්‍ය කතානායකධූරය : ආනන්දට හෝ බුද්ධිකට ?

නියෝජ්‍ය කතානායකධූරය : ආනන්දට හෝ බුද්ධිකට ?

මේ වන විටත් පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන  මොනරාගල දිස්ත්‍රිකය නියෝජනය කරන  ආනන්ද කුමාරසිරි හෝ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්  දෙදෙනාගෙන් කෙනෙකු යෝජනා කිරීමේ සාකච්ඡාවක් පවතින බව එජාප දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ තවමත් පක්ෂයේ නිල තීන්දුවක් නොමැති නමුත් ඔවුන් දෙදෙනාගේ නම් පක්ෂ නායකත්වය වෙත යෝජනාවී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ නමද  යෝජනා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටින බවටද මාධ්‍ය වාර්තා පළවී ඇති අතර ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයකු වෙතින් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ නියෝජ්‍ය කතානයකධුරය සඳහා අයෙකු නම් කිරීමේ අපේක්ෂාවක් දැනට තමන්ට නොමැති බවය.

මේ අතර  නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න