නව නිලධාරී මණ්ඩලයක් පත්කරන : ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද

නව නිලධාරී මණ්ඩලයක් පත්කරන : ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද

නව නිලධාරි මණ්ඩලයක් වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද  (03) පැවැත්විමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරමින් නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනිමට පසුගිය 17 වනදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ අතර අද  දිනයේදී මධ්‍යම කාරකසභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනා වන  සී.බී රත්නායක, කුමාර වෙල්ගම, ඩලස් අලප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ට මේ සඳහා ආරාධනා කර නොමැති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න