ගෝඨාගේ එලිය සංවිධානයේ : දයාන් ජයතිලකට රුසියාවේ තානාපතිධූරය

ගෝඨාගේ එලිය සංවිධානයේ : දයාන් ජයතිලකට රුසියාවේ තානාපතිධූරය

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ආචාර්ය දයාන් ජයතිලකගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයා වෙත හිමි ව්‍යවස්ථාපිත බලතල අනුව මෙසේ ආචාර්ය දයාන් ජයතිලකගේ නම යෝජනා කර ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙතද දැනුම්දී ඇති අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඊට විරෝධය දැක්වීමක් සිදුව නොමැත.

කෙසේ වුවත් මේ වන විට ආචාර්ය දයාන් ජයතිලක ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්  ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියක් වන එළිය සංවිධානයේ  ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරමින් සිටින අතර සම්මුති ආණ්ඩු විරෝධී මත හදන්නෙකු ලෙසද ක්‍රියාකාරී වැඩ කොටසක් සිදුකරමින් සිටියි.

රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුව එය පුරප්පාඩුව ඇති අතර ඒ අනුව ඉදිරියේදී දයාන් ජයතිලක එම ධූරය ලබා ළඟදීම රුසියාව බලා පිටත්ව යනු ඇති බවද විදෙස් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න