තලවාකැලේ ලිඳුල නගරාධිපති අශෝක සේපාල ඇතුළු සිව්දෙනෙකු පැහැර ගැනීම හා මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ අද (04) නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.
තලවාකැලේ ප‍්‍රදේශයේ දී නුවරඑළිය මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබූ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර තලවකැලේ ලිඳුල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක යන අයද වෙයි.
ආගරපතන, ග්ලේන්ලේන් වත්තේ පදිංචිව සිටි ගෞරි සසිකලා හා ඇයගේ පස් හැවිරිදි දියණිය වු ජෙගදීස්වරන් යදුර්ශනා නැමති දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් පරික්ෂණවලදි අදාළ දැරිය සැකකරුවන්ගේ අනු දැනුම මත පිටස්තර යුවලකට හදා වඩා ගැනීමට ලබාදී ඇති බව හෙළිදරව් වී තිබේ.
ඒ අනුව සැකකරුවන් සිව්දෙනා පැහැර ගැනීම හා මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ ද ඉන් එක් සැකකරුවෙකු ස්ත‍්‍රි දුෂණය යටතේ ද අද (4) අධිකරණයට පමුනවනු ඇත.
තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල ස්වාධින කණ්ඩායමකින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ නමුත් ඔහුව නැවත නගරාධිපති ධූරය සඳහා යෝජනා කර සිටියේ ලංකා පොදුජන පෙරමුණේ මයිල්වාගනමි පරමනාදන් විසින්ය.
එහිදී දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්විමෙන් රහස් ජන්දයක් පවත්වන්නට යෙදුනු අතර ජන්ද 7ක් ලබා ගනිමින් අශෝක සේපාල එම සභාවේ සභාපතිධුරයට පත්විය.

