විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ සමයේ - ඇමති සාගල

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ සමයේ - ඇමති සාගල

මෙරට ඉඩකඩම් කිසිදු වග විභාගයකින් තොරව විදේශිකයින්ට ලබා දීම වෙනුවෙන් සිතියම් සකස් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බව  අමාත්‍ය සාගල රත්නායක පවසයි.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ කඹුරුපිටිය බිබුලවෙල ප්‍රදේශයේ විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

එහි දී මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වන නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට ඉඩම් විදේශිකයන්ට ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ සත්‍යයක්ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් දෙන්න අලුත් සිතියමක් හැදුවේ අපි නෙවේ. ඒ සිතියම හැදුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ රජය කාලයේයි. පොර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කරලා කිසිඳු බැඳීමක් ඇති නොකරගෙන ඒ ඉඩම්වල අයිතිය වෙන රටකට පවරන්න හැදුවේ ඒ කාලේග අපේ රජය ඇවිත් නැවත ඒ ගිවිසුම හරියට සකස් කරලා ඒ ඉඩම්වල අයිතිය පිළිබඳ පැහැදිළිතාවයක් ඇති කරගෙන අපි කටයුතු කලා.

රටක් දියුණු වෙනකොට අපිට විවධ වෙළඳ ගිවිසුම් අවශ්‍යය වෙනවා. අපේ අපනයන යවන්න අපිට වෙළඳපොළක් අවශ්‍ය වෙනවා. ඒ නිෂ්පාදන යවන්න හේතුවක් තියෙන්න ඕන.

වෙළඳ ගිවිසුමක් තියෙන රටවල් දෙකක් අතර ආනයන අපනයන සිදුවෙනකොට විශේෂ සහන ලැබෙනවා. ඉතින් ඒ වගේ වෙළඳ ගිවිසුම් වලින් ලැබෙන වාසි ලබා ගන්න අපි සූදානම් වෙන්න ඕන. රටක් වශයෙනුත් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න