මහින්දගේ ප්‍රතිචාර ලැබෙන තුරු දුමින්ද බලා සිටියි !

මහින්දගේ ප්‍රතිචාර ලැබෙන තුරු දුමින්ද බලා සිටියි !

සියලූ ප‍්‍රශ්න මැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ උපදේශක තනතුරක් ලබාදුන්නේ පක්‍ෂය ඒකරාශී කිරීමේ අරමුණ වෙනුවෙන් බවත්, ඒ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිචාය කුමක්ද යන්න බලා සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ජාතික සංවිධායක, හිටපු මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.

නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) සිය ධූරයේ වැඩ භාරගනිමිනි. 

ජාතික සංවිධායකවරයා මෙන්ම නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස ද එකම මොහොතේදී සිය ධූරයන්හි රාජකාරී භාර ගත්හ. 

ඒ අනුව පක්‍ෂයේ සියලූ දෙනා ඒකරාශී කරගැනීම සඳහා අවශ්‍ය සියලූ දොරවල් විවෘත කර තිබෙන බවත් ඇතැමුන් බලා සිටියේ නව තනතුරු ලබාදීමත් සමඟ පක්‍ෂය දෙකට තුනට කැඩී සියල්ල විනාශ වන තුරු  වුවත් මේ වන විට සියලූ දෙනා පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශී වෙමින් සිටින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2020 දී නැවතත් බලයට ගෙන ඒම, ඉදිරි පළාත් පාලන මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී.ල.නි.පය ජය ගැනීම යන අරමුණු ඇතිව කඩිනමින් පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කරන බව ද අමාත්‍යවරයා  සඳහන් කළේය.

ඉදිරි දින 45 තුළ පක්‍ෂය ප‍්‍රතිසංවිධානය වෙනුනේ බ‍්‍රහස්පතින්දා දිනයේදී පක්‍ෂ මධ්‍යම කාරක සභාව මුණ ගැසී සාකච්ඡා කරන බව කී දුමින්ද දිසානායක අමාත්‍යවරයා  පක්‍ෂයක් ශක්තිමත් කරන්න අවශ්‍ය වන්නේ  ඕනෑකම, උනන්දුව, ධෛර්යය හා ශක්තිය මිස තනතුරු නොවන බවද කීවේය.

මෙහිදී අදහස් දැක්වූ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසා සිටියේ පක්‍ෂයේ මතු වී ඇති සියලූ ගැටලූ විසඳා ගනිමින් සියලූ දෙනා ඒකරාශී කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අංගජන් රාමනාදන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

34394227 997949530361174 2362039430761414656 n

34385704 997949523694508 1199119603066732544 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න