නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබදව සිය නිගමනය අගවිනිසුරුවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත.
ඒ, ඊට අදාළ නඩුව අද (04) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේය.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නීතිපතිවරයාද අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන් බව වාර්තා වෙයි.
ඒ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශ අධ්‍යයනය කොට සිය මතය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට සිදුකර තිබු දැනුම්දීම අනුවය.
පසුගිය වසරේ අධිකරණයට අපහාස වන අයුරින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකල බව දක්වමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුලු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණු අතර, එය පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබිණ. එහිදීද අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාස කර ඇති බවට නීති ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සළකා බැලූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ රන්ජන් රාමනායකගේ මෙම ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවයි. මෙම නඩුව නඩුව ජුනි මස 18 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.

