බැඳුම්කර සල්ලිගත් 118 : හෙළ උරුමයෙන් පැමිණිල්ලක් !

බැඳුම්කර සල්ලිගත් 118 : හෙළ උරුමයෙන් පැමිණිල්ලක් !

බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්  මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ ව්‍යාජ කූට නාමලේඛනයක්  සම්බන්ධව ජාතික හෙළ උරුමය විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.

එහිදී අදාළ කූට ලේඛනයේ අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍ය හා මුහුණු පොතෙත් මුදාහැර ඇති බවත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නමද ඇතුළත්ව ඇති බැවින් ඒ  පිළිබඳව විධිමත් කඩිනම් පරීක්ෂණයක් පවත්වා මෙවැනි ව්‍යාජ කූට ප්‍රවෘත්ති අන්තර්ජාලයට මුදාහරින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා  අද පෙරවරුවේ (2018-ජුනි-04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ලිඛිතව පැමිණිල්ලක් භාරදී ඇත.

නිශාන්ත වර්ණසිංහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙසත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසත් දුසණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරන අතර බැඳුම්කර වංචාවට අදාළ පුද්ගලයින්ට හා ආයතන වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම පෙන්වා දුන් මහජන නියෝජිතයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න