ඔස්ටින් පාර්ලිමේන්තුවට කැඳවන්න - කැෆේ ඉල්ලයි

ඔස්ටින් පාර්ලිමේන්තුවට කැඳවන්න - කැෆේ ඉල්ලයි

බැදුම්කර වාර්තාවේ අතිරේක ලේඛන, ඇමුණුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා පාර්ලිමේන්තුවට කැදවා ප්‍ර‍ශ්න කර සත්‍ය අනාවරණය කර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂ කීරීම කථානායක කරු ජයසූරිය මහතා ගේ වගකීමක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

රාජගිරියේ ඊයේ (04)  පැවති පුවත්පත් සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඔහු 2018 ජනවාරි 19 බැදුම්කර වාර්තාවේ අතිරේක ලේඛන පිළිබද ‘නිසි පරිදි කටයුතු කර ඇති බව‘ ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා පවසන බවත්   පසුව, තොරතුරු පනත යටතේ ලේඛන ඉල්ලූ විට  නීතිපති අවසරය සහිත ලේඛන සියල්ල දුන් බව පවසන බවත් සඳහන් කරන අතර   ඊට මාස 4 කට පසුව රාජ්‍ය ලේඛනාගාර දෙපාර්තමේන්තුවෙන් ලේඛන ලබා ගන්නා ලෙස කියන බවද පෙන්වා දෙයි.
දැන් ඒ ලේඛන තමන්ගේ ලාච්චුවේ තියාගෙන ඒවා පෙන්න පෙන්නා, ඒ ලේඛන අවුරුදු 30 කට සගවන්න ජනාධිපති ලේකම්වරයා කටයුතු කර ඇති බවත් ඔහු  සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ  බැදුම්කර වාර්තාවේ තිබෙන දේ දන්නේ එය ලියූ කොමිෂන් සභාවේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා පමණක් බවත්  සඑය අතේ තියාගෙන, තොරතුරු ජනතාවට නොදී පිටු අංක අපෙන් අහලා වැඩක් නොමැතිවා මෙන්ම  මේ අවුල ගැන සත්‍ය තොරතුරු පාර්ලිමේන්තුව දැනගත යුතු බවද සඳහන් කර සිටියි. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කැෆේ විධායක අධ්‍යක්ෂවරයා, ජනාධිපති ලේකම්වරයා පාර්ලිමෙන්තුවට කැදවා මේ අවුල විසදා ගත යුතුයි. ඒ වගේම එජාප සභාපති හිටපු මහ ලේකම් කබීර් හෂිම් ට අභියෝග කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න බැදුම්කර මුදල් ලබා නොගත් බවට හැකිනම් ප්‍ර‍කාශයක් සිදු කරන ලෙස පවසා තිබෙනවා.  දෙවන බැදුම්කර වංචාව අවස්ථාවේ ප්‍ර‍ශ්නගත ජාතික ඉතිරිකීරීමේ බැංකුව, ලංකා බැංකුව භාර විෂය අමාත්‍යවරයා වූයේ කබීර් හෂිම් මහතා යි.  අඩුවෙන්න් ලංසු තැබීම හා දෙවන බැදුම්කර වංචාව අතර සම්බන්ධය බැදුම්කර කොමිෂන් විභාගයේ දී මතුවුණා.  දැන් හිටපු එජාප මහ ලේකම්වරයා මේ අභියෝගයට පිළිතුරු දිය යුතුයි.  2015 මහ මැතිවරණයේ දී අපේක්ෂකයින්ට රු. ලක්ෂ 10 සිට ලක්ෂ 25 දක්වා මුදල් බෙදුවේ මේ සල්ලි ද කියා පැහැදිලි කරන ලෙස මම කබීර් හෂිම් මහතාගෙන් ඉල්ලනවා.

දැන් මැතිවරණයට තරග කළ අපේක්ෂකයෝ මගෙන් අහනවා ‘මටත් රු. ලක්ෂ 10 ක් පක්ෂයෙන් දුන්නා. ඒ බැදුම්කර සල්ලි ද කියලා. ඒ අයට ලැබිලා තියෙන්නෙත් බැදුම්කර සල්ලි ද කියලා.  මේ ප්‍ර‍ශ්නයට පිළිතුරු දිය හැක්කේ කබීර් හෂිම් සහ මලික් සමරවික්‍ර‍ම හිටපු සභාපති හා මහ ලේකම්වරයාට පමණයි.  මේ ගැන පැහැදිලි කිරීම ඔවුන්ගේ වගකීමක්.

දැන් ලක්ෂයක්, මිලියනයක්, මිලියන තුනක් ගත්ත අය ගැන තියෙන අවධානය අර්ජුන මහේන්ද්‍ර‍න් ගැන නැති වෙලා තියෙනවා.  ඔහු ලංකාවට ගෙන්වා ගන්නට, උදර්පන නීතිය යටතේ කටයුතු සිදුවන්නේ ඉතා හෙමින්.  ඔහු ලංකාවට ගෙන්වා ගැනීම වැදගත්. එවිට මහ බැංකු ‘ඔෆීස් ඇසිස්ටන්‘ ලා ලවා මිලියන ගණන් චෙක් මාරුකළේ කාට දෙන්නදැයි පහසුවෙන්ම අනාවරණය කර ගත හැකිවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න