දිනකට සීමා නොවී වසර පුරා කි‍්‍රයාත්මකවන අඛණ්ඩ වැඩපිළිවෙළක් සමග පරිසරය සුරකින්න එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා සිටියි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (04) පෙරවරුවේ කෑගල්ලේදී පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.
ප්ලාස්ටික් සහ පොලිතින් තහනම කි‍්‍රයාත්මක කළේ එය රටේ හෙට දවස වෙනුවෙන්, අද දවසේ ගතයුතු වැදගත්ම තීරණයක් නිසා බවත් පරිසරය සුරැකීම එක් පාර්ශ්වයකට පැවරෙන වගකීමක් නොවන බවත් දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන් ප‍්‍රමුඛ සමස්ථ රටවැසියන් ඒ සඳහා ඒකරාශි විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත.
අද දවසේ සිදුවන පරිසර විනාශය හෙට දවසේ දරුවන්ගේ ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක් බවට පත්වනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ලෝකයේ ඉතාමත් දියුණුවක් ලබා තිබෙන රටවල් පරිසර විනාශයත් සමග මුහුණදී සිටින ඛේදනීය තත්ත්වයන් ද පැහැදිළි කළේය.
එබැවින් අප ද අපගේ පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් නොපමාව පියවර ගත යුතු අතර එය කිසිසේත් පැහැර හැරිය නොහැකි වගකීමක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය පිළිබඳ නව ගැසට් නිවේදනයක් නිකුත් කර නව නීති රීති ද කි‍්‍රයාත්මක කළේ එය රටේ හෙට දවස වෙනුවෙන්, අද දවසේ ගතයුතු වැදගත්ම පියවරක් නිසා බව මෙහිදී සඳහන් කල ජනාධිපතිතුමා එම තීරණය වැළැක්වීමට බොහෝ දෙනා උත්සාහ ගත් අතර එය රටක් වශයෙන් මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත තත්ත්වයක් බවද කියා සිටියේය.
එසේම ඉදිකිරීම් කිෂේත‍්‍රය සඳහා වැලි, ගල් සහ පස් ලබා ගැනීම හේතුවෙන් පරිසර පද්ධතියට සිදුවන විනාශය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධනය අත්‍යාවශ්‍යයි සේම ඒ ස`දහා අමුද්‍රව්‍ය සපයාගැනීමේදී විකල්ප ක‍්‍රමවේදයන් සදහා අනුගතවීමේ කාලීන වැදගත්කම ද පැහැදිළි කළේය.
මේ අතර දුෂිත ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් පරිසර හානි පමණක් නොව ජීවිත හානි ගණනාවක් ද ඉකුත් වසර කිහිපය තුළ වාර්තා වූ බව ජනාධිපතිතුමා කණගාටුවෙන් සිහිපත් කළේය.
මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය හෙටට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් ජගත් පරිසර දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.
'ප්ලාස්ටික් අවභාවිතාව මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු' යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි.
ගරු ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කරමින් ජගත් පරිසර දින සැමරුම් ජාතික උත්සවය ආරම්භ කෙරණි.
කෑගල්ල දිස්ති‍්‍රක්කය පිළිබද පරිසර පැතිකඩ පොත් පිංච එළිදැක්වීම සහ කොළඹ, ගාල්ල ති‍්‍රකුණාමලය හා හම්බන්තොට යන ප‍්‍රධාන වරායන්හි සිදුකළ මූලික ජෛව පරිසර දත්ත එක්රැස් කිරීමේ සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම පොතුවිල් පානම හෙක්ටයාර් 106ක පමණ වැලි ක`දු ප‍්‍රදේශය සංරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සහ, අම්පාර දිස්ති‍්‍රක්කයේ ශාස්ත‍්‍රවෙල කැලේ කඩොලාන සහිත ප‍්‍රදේශ රක්ෂිත වනාන්තරයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත්, මාතලේ දිස්ති‍්‍රක්කයේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල් තැන්න ජල පෝෂක පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් මෙහිදී සිදු කෙරිණි. ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, පාසල් දරුවන් අතර පළතුරු පැල බෙදාදීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද තරගවල ජයග‍්‍රාහකයන්ට කුසලාන සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, ශ‍්‍රීයානි විජේවික‍්‍රම, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, පා.ම තුසිතා විජේමාන්න යන මහත්ම මහත්මීන් ඇතු`ථ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, පාසල් දරුවන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සදහා මහජන චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස අරණායක, රුවන්දෙනිය ග‍්‍රාම නිලධාරි කොට්ඨාශයේ ඉදිකළ නිවාස සංකීර්ණය ද මින් අනතුරුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
එම පදිංචිකරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය.
තමන් පීඩාවට පත්වූ අවස්ථාවේ ඒ පිළිබ`ද සොයා බලමින් ලබාදුන් හදිසි සහන පිළිබඳව සහ ඉතා ඉක්මණින් නව නිවසක පදිංචි වීමට අවස්ථාව සලසාදීම පිළිබ`දව ද මෙහිදී මෙම ජනතාව ජනාධිපතිතුමා වෙත තම කෘතවේදිත්වය පළ කර සිටියේය.
අරණායක ප‍්‍රාදේශීය ලේකම් ඉසෙඞ්.ඒ.එන්. ෆයිසල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානයාක, කබීර් හෂීම්, අධිනීතිඥ ලලිත් දිසානායක යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂුඇන් යුඇන් මහතා ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

